
අප විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙනුවෙන් විදුහල්පති තුමා මූලිකව ගුරු මණ්ඩලය විසින් ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී. එහි ගුරුවරුන් විසින් දරුවන්ගේ සතුට හා විනෝදය වෙනුවෙන් විවිධ විශේෂාංග හා ක්‍රීඩා පවත්වනු ලැබූ අතර ගුරු නර්තන කිහිපයක්ද වැඩසටහනට එක් කොට තිබිණි.
ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි.ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් මාසයේ පළමු වන දිනයි.