වර්තමාන ර ඇඹි බිබිලෙගම විද්‍යාලයේ තිඹිරිගෙය වූයේ ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයයි. ගම් දරුවන් කිහිපදෙනෙකු කැඳවාගත් කිරම සෝමානන්ද හිමියෝ එම දරුවන්ට වැලි පිල්ලේ අකුරු කරවූයේ පන්සල් අධ්‍යාපනය බිබිලෙගම ග්‍රාමයට දායද කරමිනි. මෙම යතිවරයාණෝ බිබිලෙගම ගම්වාසීන්ට තවත් දුයිෂෙන් කෙනෙක් ම විය.
මෙසේ ඇරඹි කුඩා සිප්හල වෙත ඇල්ම බැල්ම යොමු කළ බොහෝ පිරිස් විය. ඔවුන් ප්‍රදේශයේ මුර දේවතාවුන් බඳු විය. පූජ්‍ය අගලගමුවේ අත්ථදස්සි හිමියන්ගේ අනුශාසකත්වය මේ කුඩා සිප්හලට නොඅඩුව ලැබිණ. ඩබ්ලිව්. ආර්. ප්‍රනාන්දු නම් වූ ඇදුරිඳුගේ සේවය ද පාසලට එක් විය. පී. පී. බට්ටා මැතිදුන් ප්රමුඛ එන්. කරොවී. පී. ඒ. සිමියොන්, ඒ. මරතේනිස් යන මහත්මයින්ට සිප්හල අනන්‍ය එකක් බවට පත් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති විය. එකී වැයම මල්පල ගැන්වින. කිරි බට්ටා උපාසක මහතා පරිත්‍යාග කළ භූමි භාගයේ පී. පි. බට්ටා මැතිඳුන් සහ සෙස්සන්ගේ දායකත්වයෙන් 1917 වර්ෂයේ දී බිබිලෙගම විද්‍යාලය ස්ථාපිත විය.
මෙම ප්රගතිගාමී පියවර ගම්වාසීන්ගේ උද්දාමයට කරුණක් වුවද " එක් පාසලක් විවෘත කිරීමෙන් සිරගෙවල් දහසක් වැසේ" යන කියමන විවාදයට ලක් කරමින් පී. ජී. බට්ටා මහතාට විරුද්ධව ගම්සභා උසාවියේ නඩු පැවරිණ. මහුට නියම වූ දඬුවම වූයේ රුපියල් 35ක දඩ මුදලක් ගෙවීමය. මෙකී දඩ මුදල ගෙවීමට තමන් සන්තක සතය. සත බාගය පිරිනමමින් ගම්වැසියන් දායක වූයේ මීමැසි පොදියක් මෙනි. මොවුහු නිර්ලෝභී දානපතීන් ලෙස පාසල් ඉතිහාසය වර්ණවත් කළහ.
රුසියන් විප්ලවයට සමගාමීව බිබිලෙගම විද්‍යාලයේ සමාරම්භය සිදුවීමද දෛවෝපගත සිදුවීමකි. පාසල දිනෙන් දිනම ජයටැඹ කරා යන පෙරමග ලකුණු සලකුණු කළේය. පාසල සම්බන්ධව එක් එක් කාල ප්රාන්තරවල භෞතික හා මානව සම්පත්වල ව්‍යාප්තිය ප්‍රබල සාක්ෂියකි. 1923 වර්ෂයේ දී බිබිලෙගම විද්‍යාලය රජයේ පාඨශාලාවක් බවට පත්වුයේ ජාතික පාසල් පද්ධතියට තවත් උපකුලකයක් එක් කරමිනි.
පාසල පියමං කරන පිය ගැට පෙලේ දී අවස්ථා, ශක්තීන්, තර්ජන මෙන්ම දුර්වලතා ද නොඅඩුව දැකිය හැක. එකී සිදුවීම් විටෙක හාස්‍ය දනවයි. විටෙක පාඩම් කියා දෙයි. තවත් විටෙක අනාගතය වර්ණවත් කිරීමට දායක වෙයි. පාසලේ වාර්ෂික ලිත අර්ථවත්ව ප්රායෝගිකකරණය වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. ජාතික ආගමික හෝ කාලීන උත්සව සැමරිම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුව ඇත. සැබැවින්ම ඒවා බොහෝ විට ප්‍රිය සම්භාෂණයකින් කෙළවර විය.
පස්වන ජෝර්ජ් රජතුමාගේ ජන්ම දින සැමරුම නිමිති කරගෙන දරුවන් ලවා ගුණ ගායනා කතා පවත්වා රාජෝත්තමයානන් වහන්සේ සිහිපත් කර රාජ්‍ය ස්තෝත්ර, ගීතිකා පවත්වා රසකැවිලි වලින් සංග්‍රහ කර අනතුරුව දරුවන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී
ඇත.
1948.02,04 ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වරණමය දිනයකි. උත්සවය සම ඇත්තේ මෙලෙසය. සැරසිලි කිරීම, සිංහ ධජය එසවීම, මල් පෙරහැරකින් විහාරස්ථානයට ගොස් ආගමික චාරිත්‍ර පැවැත්වීම, අභිනව ආණ්ඩුවට හා මහජනයාට සුභාශිංසනය කිරීම, කැවිලි පෙවිලි සංග්‍රහයක් බුක්ති විඳීම, හවස්වරුවේ ගම්වාසීන් සමග කඳු මුදුනට ගොස් ගිණි මැලයක් ගසා ප්‍රීති වීම හා රාත්‍රීයේ අණ බෙර කරුවෙකු පෙරටු කරගෙන විහාරස්ථානයට ගොස් ආගමික කාර්යයන් හී නිරතවීමෙනි.
1948ට පෙර බ්‍රිතාන්‍යයේ වාසය කළ රජ කෙනෙක් ඇදහූ දරුවෝ 1956 වර්ෂයේ දී අපූර්ව රංගනයක යෙදුනහ. ඔවුන් සිය සිතැගි සටන් පාඨ වලට ගොනු කර ඇත.
අපට එපා මේ ගුරුවරු
අපට මන - ගිය ගුරුවරු අපට එපා මේ ගුරුවරු
අපට ඔන - හොඳ ගුරුවරු
ස්වාධීන හා පරාධීන තත්ත්වයන් අභිමුව දරුවන්ගේ ප්‍රතිචාර ගම්‍ය වූ අවස්ථාවක් ලෙස එක අතකට බලන විට අපට පෙනී ගිය ද, ලොග් පොතේ වාර්තා වන්නේ පාසල් ඉතිහාසයේ ඇති වූ කළු පැල්ලමක් ලෙස ය.
ජාතික පොදු අධ්‍යාපන ප්රතිපත්තියක සෙවනැල්ල මෙම විද්‍යාලයට ද පතිත වීම සුභවාදී අනාගතයකට මං හසර පෙන්වීමකි. 1956 ස්වභාෂා අධ්‍යාපනය ආරම්භවීම, 1955 - 1956 ප්‍රථම වරට ප්‍රසිද්ධ විභාගයක් වන ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට දරුවන් ඉදිරිපත් වීම. 1965 වර්ෂයේ විද්‍යාලය, මහා විද්‍යාලයක් බවට උසස් වීම එහි සන්ධිස්ථානයකි. 1967 වර්ෂයේ දී සිසුන් 18 දෙනෙක් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී, ඉන් 6දෙනෙක් සමත් වී ඇත. 1970 වර්ෂයේ දී 5 හා 7 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ බව වාර්තාවේ.
විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වීම. මේ වකවානුවේ පාසල තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් විය. ජවන හා පිටිය තරගවලදී ක්‍රීඩා සමාජවලට බැඳී කොට්ඨාස, දිස්ත්‍රික්ක ජයග්‍රහණ ලබා සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වී ඇත. ග්‍රාමීය අධ්‍යාපනය ඔවුන්ගේ විෂයමාලාවේම කොටසක් වූ බව පෙනේ. 1967 වර්ෂයේ දී පාසල් වත්ත වගා කිරීමෙන් පමණක් තෘප්තිමත් නොවූ බිබිලෙගම දරුවන් ගම්වැසියන්ගෙන් තාවකාලික පදනම මත ලබා ගත් අක්කර 4ක භූමි ප්‍රමාණයක් වගා කර ඇත. ඒ මතුද නොව, පාසල් වත්තේ වගා තරග (හොඳම කිරි අල පඳුර), දරුවන්ගේ ගෙවතු ආශ්රිත වද තරග පවත්වා ගුරු අධික්ෂණය සහ ජයග්‍රහණ සඳහා ත්‍යාග හා සහතිකපත් ප්රදානය තුළින් ඔවුන් උපස්ථම්භනය කර ඇත. 1973 වර්ෂයේ දී පින්නකන්ද ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක පැතිර තිබූ සමූහ ගොවිපොළට ශ්‍රම දායකත්වය ලබා දීමට මේ දරුවන් සහ ගුරුවරුන් පසුබට වී නැත. මෙවැනි ක්‍රියාකාරකම්වලින් ඔවුන් ලැබූ අතහුරුව ශික්ෂණය මතු දිවිය සාර්ථක කර ගැනීමේ අවියක් වී ඇත. භෞතික මෙන්ම මානව සම්පත්වලද වර්ධනය වීම 80, 90 දශකයන්හි මෙන්ම 21වන සියවස තුළද කැපී පෙනෙන ලෙස සිදුව ඇත.
1917 - 2017
සියවසක අභිමන්:-
මේ අවධිය වන විට මෙවැනි පුවනතාවයක් ඇති වීමට පාසලේ පාර්ශවකරුවන්ගේ අයකල්ප, රාජ්‍ය ප්‍රතිපාදන, රජයේ අනුබද්ධ ආයතනයන්හි පරිත්‍යාය ද හේතු විය. තිබෙන සම්පත්වලට සාපේක්ෂාව පාසලට අවශ්‍ය ජලය, විදුලිය, ගෘහ විද්‍යා, විද්‍යා, පරිගණක ඒකක මෙන්ම පුස්තකාල, ක්‍රීඩා පිටියක්, ක්‍රීඩාගාරයක් මෙන්ම ආපන ශාලාවකින් ද සමන්විත පාසල් පරිශ්රයකට වත්මත් සිසු පරපුර උරුමකම් කියනු ලබයි. පාසල් ගගනත රැදුන රිදී රේඛා කිහිපයක් අපගේ නෙත ගැටිණ.
1955 - 1956 වර්ෂයේ ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය උසස් ලෙස සමත්වීම - විභාග අංක 1870, ඩබ්ලිව්. ඩී. පොඩි නෝනා
2001 වර්ෂයේ සමස්ත ලංකා මලල ක්‍රීඩා තරග නියෝජනය - එච්. එස්. ලක්ෂ්මන්
කරුණාතිලක
2014 පාසල් ඉතිහාසය තුළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මෙතෙක් වාර්තා කළ ඉහළම ලකුණ - ඒ. ඩබ්ලිව්. සී. ප්‍රිය ශාන්ත සමර වික්‍රම
2016 සමස්ත ලංකා සමාජ විද්‍යා තරග ජයග්‍රහණය - ආර්. ඩී. එන්. පී. කුමාර අ.පො.ස. උසස් පෙළ කඩ ඉමෙන් A සාමාර්ථ ත්‍රිත්වය ලබා සරසවි පිවිසුම් ලැබූ
සිසු තරු
2001 ආනන්ද ජයරත්න
2004 2008 ආර්. පී. එන්. ඩී. අමරසිංහ ආර්. එම්. පත්ම කුමාර අමරසිංහ
2010 එච්. එම්. නුවන් අරුණ ශාන්ත
2013 2014 පී. කේ. එන්. ඩී. ගුණතුංග
2015 ඒ. පී. රේණුකා හේමන්ති පී. නිලානි පතිරණ
2016 ඩබ්ලිව්. ආර්. රම්‍යලතා පී. පී. නිල්මිණි නිශාන්ති
ඩබ්ලිව්. ආර්. සන්ධ්‍යා කුමාරි ආර්, ඉමේසා රුවනි දීපිකා
