විදුහල්පති පණිවිඩය
බිබිලෙගම මහා විද්‍යාලය පාසල් 43කින් සමන්විත ගොඩකවෙල අධ්‍යාපන කොට්ඨාසයේ ඇති අ.පො.ස. උසස් පෙළ පන්ති සහිත පාසල් 10න් එකකි. 1955 සිට අද දක්වා බිබිලෙගම මහා විද්‍යාලය මේ දක්වා දිගු කාලින අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුකූලව වෙනස් වෙමින් බාධක ,ගැටලු, දුෂ්කරතා මැද පවත්වා ගෙන එමින් මේ වන විට ක්‍රීඩා, කලා මෙන්ම අධ්‍යාපන යන අංශ වලින් සබරගමු පළාත තුල කීර්තිමත් පාසලක් බවට පත් වී ඇත. එය අපේ පාසලේ සිසුන්ගේ, ගුරු මණ්ඩලයේ හා දෙමව්පියන්ගේ මෙන්ම පාසල් ප්රජාවගේද උත්සාහයේ හා කැපවීමේ ප්රතිඵලයකි.
වෙබ් අඩවි සංවර්ධන වැඩසටහන තුලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඵලදායීව භාවිතා කිරීමට සිසු දරුවන් හට අවස්ථාවක් සැලසෙන අතර පාසල හා ප්‍රජාව අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය වර්ධනය වීම ද මෙමගින් සිදුවේ. අපේ පාසලේ සිසුන්ට සයිබර් ලොව දිනීමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.
විදුහල්පති,
ර/ඇඹි/බිබිලෙගම මහා විද්‍යාලය,
ගොඩකවෙල.