- පෙරමග එක කළ නියමුවෝ
ර/ ඇඹි බිබිලෙගම මහා විදුහල් මාතාවගේ ප්‍රෞඪ ඉතිහාසය පිරික්සීමේ දී එහි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතු වූ යුගයක් තත්කාලීන සමාජය තුළ යුග පෙරළියක් සිදු කිරීමට පුරෝගාමී වූ පූජනීය සංඝ රත්නය හා උත්තම මිනිසුන් මෙහිදී අභිමානයෙන් සිහිපත් කළ යුතුය. ආරම්භය සනිටුහන් වී ඇත්තේ වර්ෂ 1917 දී බිබිලෙගම ශ්‍රී සුවිසුද්ධාරාම භූමිය තුළයි.
* පූජ්‍ය අගලගමුවේ අත්ථදස්සි හිමි
* ඩබ්ලිව්. ආර්. ප්‍රනාන්දු මහතා - * පී. පී. බට්ටා මහතා
* එන්. කරොන්චි මහතා
* පී. ඒ. සිමියොන් මහතා
* ඒ. මරතේත්තිස්
වර්ෂ 1923 දී වර්තමාන පාසල් භූමිය තුළ ර / ඇඹි බිබිලෙගම විදුහල ඇරඹුන දා සිට වර්තමානය තෙක් නිවැරදි තීරණ ගනිමින් සිය ධෛර්යය ශක්තිය අප්‍රමාණව කැප කරමින් විදුහල් මාතාවගේ නීති දියුණුව වෙනුවෙන් කටයුතු කළ විදුහල්පතිවරුන් සියවස සමරන මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමු.