නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/බිබිලෙගම මහා විද්‍යාලය

සබරගමු පළාතේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ මිනි කිරුළක් වන් බිබිලෙගම මහා විද්‍යාලය ආ මග දෙස බැලීමේදී සුමට හා සරල රේඛිය මාවතක් දිස් නොවේ.එහෙත් ඇය තම දූ දරුවන් සමග එක්ව සාමූහිකව සැම විටම තම අරමුණ කරා පැමිණ ඇත. මෙහිදී එකල විසූ විදුහල්පතිවරුන් හා ගුරුමණ්ඩලය සිහිපත් කළ යුතු අතර ඔවුන්ගෙන් උගත් දූ දරුවන් අද වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන හා ගුරු වැනි සමාජ උන්නතියට දායක වන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරයි.
එසේම ක්‍රීඩා කලා හා තාක්ෂණ වැනි ක්ෂේත්‍ර වලින් ද අප්‍රමාණ ජයග්‍රහණ ලබා දෙන්නට දූ පුතුන් සමත් වී ඇත. වර්තමානයේ විදුහල ප්‍රදේශයේ දිදුලන පාසලක් බවට පත් කිරීමට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයත් දෙමව්පියන් හා ආදි සිසුන් ගන්නා උත්සාහය අගය කළ යුතුයි. පාසලට නව වෙබ් අඩවියක් ස්ථාපනය කිරීම තුලින් පාසල හා ප්‍රජාව අතර පවතින සම්බන්ධතාව තව දුරටත් සක්‍රිය වනු ඇති සේම සිසුන් ප්‍රයෝගිකව වෙබ් අඩවියක් සැකසීමේ පුහුණුව ලබා ගැනීම ඉතා ඵලදායි වේ. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ සුභාෂිංශන පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජය විදුහල්පති,
ර/ඇඹි/බිබිලෙගම මහා විද්‍යාලය
ගොඩකවෙල