සිරි ජය සිරිනි දිලේ
සැරදේ වොරැඳේ බැබලේවා
බිබිලේගම මහ විදුහල් මාතා
දෙස රැස පුබුදා සුදිලේවා
ශික්ෂාකාමී ශීල සුගන්දේ
පාරිශුද්ධ වූ හද සන්තානේ
අභිමානය අදි වාසනාව පිරි
රැසක් පුබුදු වේවා
විද්යාලෝකෙන් හද මල් පුබුදා
කීර්ති කදම්බය දස දෙස විහිදා
විකුම් විරාජිත වීර දූ පුතුන්
ඔබගෙන් බිහි වේවා
නන්දනීය පරිසරය සැදූ
සබරගමුවේ මිණි කිරුළ බඳු
ශෝභමාන වූ ශිල්ප රාජිණී
නමාමි සැරදේවා