ලෝක ගුරු දිනයට සමගාමීව අප පාසලේ සිසු දරු දැරියන්ගේ සංවිධානයෙන් ගුරු උපහාර උළෙලක් පවත්වනු ලැබිය.
2022/10/06 දින අප පාසලේ සිසු දරුවන් විසින් සංවිධානය කරනු ලැබූ ගුරු උපහාර උළෙලට විදුහල්පති තුමා ඇතුලු පාසලේ ගුරු මණ්ඩලය සහභාගී විය. ආගමික වතාවත් වලින්ආරම්භ කරන ලද උත්සව කටයුතු විද්‍යාලයීය ප්‍රධාන ශාලාව තුල සිදු කරන ලදී. පාසලේ සියලුම දරුවන්ගේ දක්ෂතා වේදිකාව මත දිග හැරුනේ ගුරුවරුන් මහත් ප්රබෝධයට පත් කරමිනි. ගුරුවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් හා හරවත් විනෝද ක්‍රීඩා සිසුන් විසින් සංවිධානය කර තිබූ අතර එය සිසුන්ගේ සංවිධාන ශක්තිය ඔප් නංවන අවස්ථාවක් විය.